අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” අම්පාර දිස්ත්‍රික් සමාප්ති වැඩසටහන හෙට ජනපති ප්‍රධානත්වයෙන් 

    මැයි 10, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේ අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) පෙ.ව 10.00 ට අම්පාර, උහන මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී පැවැත් වේ.

    ජනතා ගැටලු කාර්යක්ෂමව හඳුනා ගනිමින් ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් ඇතුළු අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන සංවර්ධන ව්‍යාපෘති වඩා වේගවත් සහ විධිමත් කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීම ද වැඩසටහනේ අරමුණයි.

    දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ තුන්වන අදියර අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 06 වනදා ආරම්භ කෙරිණි. උහන, අක්කරෙයිපත්තු, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සයින්දමරදු, තිරුක්කෝවිල්, දමන ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම ආවරණය කරමින් ජන ජීවිතය නඟා සිටුවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ඒ යටතේ ක්‍රියාත්මක කෙරුණු අතර පාසල් සිසුන්, වැඩිහිටි හා තරුණ ප්‍රජාව, විශ්‍රාමිකයන්, රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන ආයතන හා ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව විශාල උනන්දුවකින් යුතුව මෙම වැඩසටහන් සඳහා එක්ව සිටිනු දක්නට ලැබිණි.

    දෙදහස් එකසියයකට අධික වූ මෙම සංවර්ධන හා සේවා ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 92 ක් වන අතර ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව හාරලක්ෂ පනස්දහස ඉක්මවයි. දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 130ක් වැය කරමින් වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.

    ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ප්‍රශ්න හා ඔවුන් මුහුණපාන ගැටලු විසඳීම සඳහා වඩාත් උචිත ක්‍රියාමාර්ග සියලු අමාත්‍යාංශ හා ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියාවට නැංවීම “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන හරහා සිදුවන අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට බලපා ඇති මෙතෙක් නොවිසඳුණ ඉඩම් ගැටලු විසදීම, වගා කටයුතු හා ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ හා උපදේශනය ලබා දීම, රැකියා හා වෘත්තීය මාර්ගෝපදේශනය, මාර්ග හා නව ගොඩනැඟිලි ඉදි කිරීම, හැඳුනුම්පත්, උප්පැන්න සහතික හා අනෙකුත් මහජන ගැටලු විසදීම ආදි සේවාවන් රැසක් අදාල නිලධාරින්ගේ සෘජු අධීක්ෂණය මත කඩිනමින් ඉටුකරදීමට මෙහි දී පියවර ගැනිණි.

    එමෙන්ම ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ජාතික වැඩසටහන් වන මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා මාර්ගෝපදේශන වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදනය, ඩෙංගු මර්දනය, වකුගඩු හා බෝ නොවන රෝග නිවාරණය, පරිසර සංරක්ෂණය, වැඩිහිටි පුද්ගලයන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිබල ගැන්වීම වැනි වැඩසටහන් ද පසුගිය සතිය පුරා දිස්ත්‍රික්කය තුළ වඩා සක්‍රීයව ක්‍රියාත්මක කෙරිණි. හෙට පැවැත්වෙන අවසන් වැඩසටහනේ දී ද දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබාදීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya