අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය ජනපතිගේ නිරික්ෂණයට

    මැයි 08, 2019

    ඉකුත් අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානයේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (08) පස්වරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    දේවස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි ප‍්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුළු පියතුමන්ලා විසින් පිළිගනු ලැබීය.

    ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් වූ දේවස්ථානය සියැසින් දැකබලා ගත් ජනාධිපතිතුමා නැගෙනහිර ආඥාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේ එහි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

    එමෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ දේවස්ථානයේ ප‍්‍රධාන පූජකතුමා ඇතුළු පියතුමන්ලාට සහ ප‍්‍රදේශයේ සමස්ත කිතුණු ජනතාව වෙත සිය කණගාටුව පළ කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

    අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya