අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා- මේ කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බෑ- කිසිදු ත්‍රස්තවදියකුට සහන පැකේජයක් නෑ.

    මැයි 08, 2019

    ''ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා.නීතිරාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැදගෙන ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්න ලැස්තියි.මේ කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බෑ ''යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විමසූ   පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා- අයි එස් අයි එස් සංවිධානය මෙරට අය සමඟ සම්බන්ධත තබා ගෙන සිටි බවට දැන සිටියේ ද? ඔවුන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ ද අයි එස් අයි එස් විදෙස් අය මෙරටට පැමිණ තිබේද?

    අගමැති- කීපවාරයක් පාර්ලිමේන්තුව දැනුවත් කළා. ඊයෙත් පාර්ලිමේන්තුවේ සවිස්ථරාත්මක ප්‍රකාශයක් කළා.පොලිස්පතිතුමා මා වෙත ලබාදුන් වාර්තාවක් ඔබ වෙත ලාබා දෙන්නම්. 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීම, ලන්ඩන් බෝම්බ සිද්ධිය නිස ගෝලීය වශයෙන්  තස්තවාදයට මුහුණ දීමට සිදු වුණා. අද අප මුහුණ දෙන්නේ සම්ප්‍රදායික ගරිල්ලා යුද්ධයකට නොවේ. අලුත්  තත්ත්වයට මුහුණ දීමට ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කළේ. මූලික සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා.එය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ වසරේ සම්මත කරගමු කිව්ව. කොමිටියේ සභාපතිතුමාට කණ්ඩායමට කිව්ව  විගසින් සම්මත කරගත යුතුයි කියලා.

    ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා. මෙකේ කිසිදු  ත්‍රස්තවදියකුට සහන පැකේජයක් නෑ. ගොනි බිල්ලෙක් මැවීමට කිසිම අවශ්‍යතාවක් නැ. නීතිරාමුව ශක්තිමත්  කරමින් එකමුතුව අත්වැල් බැදගෙන ත්‍රස්තවාදයට මුහුණ දීමයි. මෙම ප්‍රති ත්‍රස්ත පනත ඉදිරියේ දී සම්මත  කරගනිමු. රටේ ජනතාව කියනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්න  ලැස්තියි.අනෙක් වගන්ති ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් සකච්ඡා කරමු.

    මේ කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බෑ. මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්න වුවමනා  නෑ.2014 කණ්ඩායම් ගිය ආව ගැන දන්නවා. දිගන සිද්ධියෙත් බැලුවා එසේ සම්බන්ධයක් තිබුණේ නෑ. යම්  ක්‍රියාවකට ඒ අය යනව නම් එය වළක්වන්නේ කොහොමද කියලා බලමු.

    මෙම සභාවෙම ඉල්ලීමක් කර තිබෙනවා සම්මත කරගන්න අපේ නීතියේ අඩුපාඩු තියෙන නිසා. තාමත් සකච්ඡා කරනවා. වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කරනවා. එතන සාකච්ඡාව සිදු වුණා. සිරියාවෙ ඉදලා ආව අය ගැන  කියවුණා. නීතිය කඩන්නේ නැත්නම් ඇතුළට ගන්න බෑ.එංගලන්තයේ නීතිය මෙහෙ නෑ. අපේ අඩුපාඩු තියෙනවා.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා- අවශ්‍යතාවය ගැන කිව්වා. අප විරුද්ධයි. තේරිම් කමිටුවක් දාන්න. මේ ගැන සාක්ච්ඡා කරන්න. රට තුළ පනත ගැන තිබෙන්නේ වැරදි මතයක්.

    අගමැති- මේ ගැන සකච්ඡා කරන්න අපට ගැටළුවක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. ආරක්ෂාව අවශ්‍ය නම් නීතියෙන් දාන්නම්. අපි සාක්ච්ඡා කරමු.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කෝඩි මහතා -දැනට පවතින පනත සංශෝධනය කර නීති ගෙන එන්න.

    අගමැති- පනත ගැන කතා කර තිබෙනවා මාරපන ඇමැතිතුමාට බලලා කතා කරන්න කියන්නම්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya