අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තවාදී සුළු පිරිසක් සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හේතුවෙන් රටේ සමස්ත ජනතාව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ තැබිය නොහැකියි

    මැයි 07, 2019

    අන්තවාදී සුළු පිරිසක් විසින් සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හේතුවෙන් රටේ සමස්ත ජනතාව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත‍්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලු දෙනාගේ වගකීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සමඟ   (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවක දී ය.

    මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් පෙන්වා දුන්නේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව මෙම ම්ලේච්ඡ කි‍්‍රයා කිසිවිටෙකත් අනුමත නොකරන අතර මෙරට සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව අනෙකුත් ආගමික ප‍්‍රජාව සමග ඉතාම සහයෝගයෙන් ජීවත්වන පිරිසක් බවයි.

    අපේ‍්‍රල් 21 වන දා සිදුවීමත් සමඟ සමස්ත මුස්ලිම් ප‍්‍රජාව දෙස සැකයෙන් බැලීම හේතුවෙන් ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාවය පිළිබඳව මෙහිදී එම නායකයෝ ජනාධිපතිතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර, එහිදී සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව තහවුරු කර ගැනීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව යෝජනා සහ අදහස් කිහිපයක් ද ඉදිරිපත් කළහ.

    එමෙන් ම ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ආරක්ෂක අංශ මෙහෙයුම්වලට තම පූර්ණ සහය ලබාදෙන අතර ම අන්තවාදයට හිස එසවීමට ඇති සියලු තත්ත්වයන් පාලනය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි. ඇතැම් ඉස්ලාම් භක්තියන් අතර පවතින මිථ්‍යා විශ්වාස දුරලමින් ඔවුන්ට යථා අවබෝධය ලබාදීම පිළිබඳ වැඩසටහන් ද මේ වන විට කි‍්‍රයාත්මක බව ඔවුහු පෙන්වා දුන්හ.

    මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ කිසිදු ජනකොටසක් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබා සියලු දෙනාගේ ගෞරවය ආරක්ෂා කරමින් ජාතියක් ලෙස මෙකී අභියෝගයට මුහුණදීමට ජනාධිපතිතුමා ගත් නිවැරදි පියවර පිළිබඳව ද මෙහිදී මුස්ලිම් සිවිල් සමාජ නායකයෝ ජනාධිපතිතුමා වෙත ප‍්‍රශංසාව පළ කළ අතර මෙම තත්ත්වයත් සමඟ රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ සිට රට තුළ ගෙනගිය සංහිඳියා වැඩපිළිවෙළ ද මහඟු ශක්තියක් වූ බව සඳහන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya