අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක් ම ගන්නවා-අග්‍රාමාත්‍ය

    මැයි 07, 2019

    ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක් ම ගන්නවා.ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු රටවල් ජාත්‍යන්තර වශයෙන් එකතු විය යුතුයි.රටේ ආරක්ෂාව තහවුරු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

    මේ වනවිටරටේ ආරක්ෂක තත්ත්වය යහපත් තත්වයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. දැන් තිබෙන්නේ, ප්‍රහාරකයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ අය අත් අඩංගුවට ගැනීමයි. ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස් පතිවරු මධ්‍ය දැනුවත් කළා.මේ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් වර්තාව සභාගත කරන්නම්.මඩකළපුව උසස් අධ්‍යාපන ආයතනය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා. හානි වූ දේපළ වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට මුදල් ලබාදෙනවා. ජීවිත හානිවල මූලික වන්දි ගෙවීම සිදු කළා. හානියට පත් වූ දේවස්ථාන පිළිසකර කරනවා.

    ජනජීවිතය යථා තත්වයට ගැනීමට ගත හැකි සියලු පියවරක් ම ගන්නවා. පාසල් දරුවන්ගේ පැමිණීම යහපත් තත්ත්වයට පත් වේ යැයි බලාපොරොත්තු වෙනවා.අනතුරු සම්පූර්ණයෙන් ම පහව ගොස් නැහැ. අප ගොඳුරු වී ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයටයි. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු රටවල් ජාත්‍යන්තර වශයෙන් එකතු විය යුතුයි.

    ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාත්‍යන්තර සහයෝගය ලබාගත යුතුයි.රටේ ආරක්ෂාව තහවුරු කරනවා. ජනජීවිතය කඩාකප්පල් කර තම පටු දේශපාලන අරමුණු ඉටු කිරීමට අප ඉඩ දෙන්නේ නෑ.විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා අත්වැල් බැදගන්නා ලෙස පාර්ලිමේන්තුවේ සැමගෙන් ඉල්ලා සිටිනවා. 

    මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා විසින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya