අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුබ නැකතට පැළයක් සිටුවමින් මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා කැපවීමේ ආදර්ශය ජනපති ලබා දෙයි

    අප්‍රේල් 16, 2019

    අප්‍රේල් (15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පළතුරු පැළයක් සිටුවා සුබ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

    තුන් පොකුරු යෝගය යෙදී තිබූ   පෙ.ව 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යෝග්‍ය බවට මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරට එක් කර තිබුණි.

    මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම  අන්කවරදාටත් වඩා තදින් දැනී ඇති අද දවසේ එම චාරිත්‍රය සමග එක්ව සිය පුරවැසි වගකීම ඉටුකරන ලෙස අලුත් අවුරුදු උදාව සමග ජනාධිපතිතුමා සමස්ත රටවාසි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya