අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමඟ එක්ව ජනපති අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි

    අප්‍රේල් 14, 2019

    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව, හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14) කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට එක් විය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සැම එක්ව සුබ නැකතට ලිප ගිනි මොළවා අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළේය.

    වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටුකරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

    අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සඳහා එක් විය.

    උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපතිතුමා වෙත සුබපැතුම් පළ කිරීමට මැති ඇමතිවරු, කලාකරුවන්, හිතවතුන් මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර, ඔවුන් සියලුදෙනා සුහදව පිළිගත් ජනාධිපතිතුමා ආහාර අනුභව කිරීමේ නැකැතට එම සියලුදෙනා එක්කර ගනිමින් ඔවුන්ට ආහාරපාන වලින් සංග්‍රහ කළේය.

    උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලංකාවාසී ජනතාවට සිය සුභාශීංසන සහ ආශිර්වාද පළ කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ සියලුදෙනා එකටසිටිමින් මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට ලැබුවා වූ අලුත් අවුරුද්දේ අධිෂ්ඨානශීලි විය යුතු බවයි.

    මේ අතර ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව පැළ සිටුවීමේ වැඩසටහනක් හෙට ක්‍රියාත්මකය.

    ඒ වෙනුවෙන් වූ සුබ නැකැත හෙට පූර්ව භාග 11.17ට යෙදී තිබෙන අතර, තුන් පොකුරු යෝගය යෙදී ඇති මෙම සුබ මොහොතේ ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

    පැළයක් සිටුවා මතු පරපුරත්, පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya