අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සන්සුන්ව සිටින්න - ජනපති

    අප්‍රේල් 21, 2019

    සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව දැඩිව කණගාටුවට පත්වනවා වගේම,පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය නොමසුරුව ඉල්ලා සිටිනවා.කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සන්සුන්ව සිටින ලෙස ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

    සිදුවි ඇති මහා බරපතල ඛේදවාචකය පිළිබඳව දැඩි සේ කම්පනයට පත්ව සිටිමි.කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවීම පිළිබඳව මා මෙන් ම ලක්වැසි ජනතාව දැඩි සේ කම්පනයට පත්ව සිටින අවස්ථාවක් මෙන් ම දැඩි සේ වේදනාවට පත්ව සිටින අවස්ථවක් ලෙස දනිමි.

    මේ පිටුපස ඇත්තේ කුමන ආකරයේ කුමන්ත්‍රණයක් ද යන්නපැහැදිළි ලෙස සොයා ගැනීම සඳහ අදාළ පරීක්ෂණ කණ්ඩායම්,පොලිස් විශේෂ කර්ය බලකාරය, යුද ගුවන් සියලු ආරක්ෂක අංශවලට මේ වනවිට උපදෙස් දී ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාශීලීව ඇත. ඒ අනුව මේ පරීක්ෂණ කටයුතු සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව රජය බලාපොරොත්තු වෙනවා.

    ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නේ,සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව දැඩිව කණගාටුවට පත්වනවා වගේම,පරීක්ෂණ කටයුතු සාර්ථ්ක කර ගැනීම සඳහා ඔබේ සහයෝගය නොමසුරුව ඉල්ලා සිටිනවා. ඔබ සෑම කෙනෙක් ම සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටිනවා.කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සන්සුන්ව සිටින ලෙස ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා. රජය මේ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක් ම ගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් රජය නිසි ලෙස වගකීම් ඉටු කරන බවද ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya