අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඵලදායිතා සම්මාන රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය ජනාධිපති කාර්යාලයට

    අප්‍රේල් 06, 2019
    2017 – 2018 ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 26 වනදා ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු අතර එහිදී ජාතික ඵලදායිතා අන්තර් අමාත්‍යාංශ කාණ්ඩ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ජනාධිපති කාර්යාලය සමත් විය. 
    ජනාධිපති කාර්යාලය විසින් දිනාගත් එම සම්මානය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් (04) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කළේය. 
     
    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධාන කරන ලද මෙම තරඟාවලිය සඳහා ආයතන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර එහිදී රාජ්‍ය අංශයේ ආයතනවල නායකත්වය, සේවාලාභි සබඳතා, සැලසුම්කරණය හා උපායමාර්ග, මානව සම්පත් ක්‍රියාවලි, තොරතුරු හා දැනුම් කළමනාකරණ යන අංශවල සේවා විශිෂ්ටත්වය ප්‍රධාන නිර්ණායක ලෙස සලකන ලදී. 
     
    මෙම තරගාවලියට ජනාධිපති කාර්යාලය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඝාජු නායකත්වය හා ආශිර්වාදය නිරන්තරයෙන් හිමි වූ අතර, ජනාධිපති ලේකම්තුමා ඇතුථ සමස්ත කාර්ය මණ්ඩලයේ ධෛර්ය හා කැපවීමත්, ඵලදායිතා ඒකකයේ නිවැරදි මඟපෙන්වීමත් මෙම ජයග්‍රහණයට හේතු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
     
    එමෙන්ම ඉදිරියේ දී සමස්ත රජ්‍ය සේවයේ ඵලදායිතාව වර්ධනය කරමින් තිරසර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා ඝෘජු නායකත්වය ලබාදීමට ජනාධිපති කාර්යාලය ඕනෑම මොහොතක සූදානමින් සිටින බව ජනාධිපති ලේකම්වරයා පවසයි. 
     
    මෙහි දී කාර්ය මණ්ඩලය සමඟ සුහද හමුවකට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ ගීත ගායනයකට ද  එක් විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya