අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැළි කසල ප්‍රශ්නය ජාතික ප්‍රතිපත්තියක් තුළ විසඳාගත යුතුයි- මිත්‍රශීලී පොලිස් සේවයක් වෙනුවෙන් පොලිස් සේවයේ වෙනස්කම් රාශියක් කරනවා- ජනපති

    අප්‍රේල් 04, 2019

     මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික උපකරණ මිලදී ගන්නවා

    මිත්‍රශීලී පොලිස් සේවයක් වෙනුවෙන් පොලිස් සේවයේ වෙනස්කම් රාශියක් කරනවා

     කැළි කසළ සම්බන්ධයෙන් රජයක් ලෙස පොදු තීන්දුවකට යා යුතුයි.රට වෙනුවෙන් ප්‍රතිපත්ති තීන්දුවක් ගත යුතුයි.කැළි කසළ ප්‍රශ්නය ජාතික ප්‍රතිපත්තියක් තුළ විසඳා නොගත්තොත් මේ ප්‍රශ්නය විසඳාගැනීමට නොහැකියි.උසස් ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් පොලිස් සේවයක් කිරීමට අත්‍යාවශ්‍යයි.පොලිස් සේවයේ වෙනස්කම් රාශියක් කරනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව සඳහන්  කළේ ය.

    විවාදයේ කතා කළ ජනාධිපතිවරයා මෙසේද පැවසී ය

    ප්‍රජාතන්තරවාදය ආරක්ෂා කරන රටක් ලෙස අඳහස් ප්‍රකාශ කිරීම ගැන සතුටු වෙනවා.අද සාකච්ඡා කළ කරුණු  තුළ පරිසර සංරක්ෂනය පිළිබඳ කරුණු රාශියක් මතු වුණා.කැළි කසළ ප්‍රශ්නය පිළිබඳ ඉදිරිපත් වුණා. කාටත් අවබෝධයක් තිබෙනවා,කොළොන්න්නාව කුණු කන්ද කඩා වැටීම ගැන යෙදූ පිළියම් පිළිබඳව. අරුවක්කාරු ප්‍රදේශයේ විදෙස් ආධර සමඟ ව්‍යාපෘතියක් ආරම්භ කළා.සෑම ප්‍රදේශයකම දකින පොදු ප්‍රශ්නයක් තමයි කැළි කසළ ඉවත්මේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා මතුවීම. මෙයදීර්ග කාලයක් තිබෙන ප්‍රශ්නයක්.

    කැළි කසළ සම්බන්ධයෙන් රජයක් ලෙස පොදු තීන්දුවකට යා යුතුයි .ප්‍රතිපත්ති තීන්දුවක් ගත යුතුයි. එය රට වෙනුවෙන්  තීරණ ගන්න වෙනවා. රජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශපාලන පක්ෂ භේදයකින් තොරව කැලි කසළ කලමනාකරණයට ජාතික  වැඩපිළිවෙලක අවශ්‍යතාවය දකිනවා.කැළි කසල ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ පළාත් පාලන ආයතනවලටයි. කුණු අදින වාහන නැහැ.එයත් තද ලෙස බලපානවා. පළාත් පාලන ආයතනවලට යන්ත්‍ර සූත්‍ර ලබාදීමට සිදු වෙනවා. කැළි කසල ප්‍රශ්නය ජාතික ප්‍රතිපත්තියක් තුළ විසඳා නොගත්තොත් මේ ප්‍රශ්නය විසඳාගැනීමට නොහැකියි.

     

    උමා ඔය සියයට 95% අවසන්. මේ වසර අවසන් වනවිට උමා ඔය ව්‍යාපෘතියත් අවසන් වෙනවා.ඉඩම් ලබාදීමේ දී එය දේශපාලන පක්ෂ භේදයකින් සිදු කරන්න බැහැ.පොලිස් දෙපාර්තමේන්තුවේ 85000ක් පමණ ඉන්නවා. විශේෂ කාර්ය බලකාය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කරන ඒකක කැප කිරීමෙන් කටයුතු කරන්නේ.ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට හා හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට කටයුතු කරනවා.ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ අතිවිශාල වන්දියක් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ලබාදුන්නා.පරීක්ෂණ පවත්වලා ඉඩම් ලබදුන්නා. මන්ත්‍රී ලැයිස්තුවලට ඉඩම් ලබාදෙන්න බෑ. කිසිදු ආකාරයක වංචාවක් දූෂණයක් සිදුව නෑ.

    ත්‍රිවිධ හමුදාව,පොලීසියට රටේ සංවර්ධනයට විශාල කැප කිරීමක් කරනවා. උතුරේ සාමාන්‍ය ජනතාව අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉතාම හිතෛෂියි. ගංවතුර ආපදා තත්ත්වයේ දී උතුරේ ජනතාව විශාල මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙනවා. ත්‍රිවිධ හමුදාව අප කිසිම අවස්ථාවක දුර්වල කර නෑ. ශක්තිමත් කර තිබෙනවා.නිලධාරීන් ජීවිත කැපකිරීමෙන් කරන කැපවීම අගය කළ යුතුයි.මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන අලුතෙන් ම හිතනවා නම් හොඳයි. පොලිස් නිලධාරීන්ගේ සේවා තත්ත්වය උසස් කළ යුතුයි. මහජනතාවට මිත්‍රශීලි පොලීසියක් ඇති කළ යුතුයි.කන්න නැතිව,වතුර නැතිව රාජකාරියේ ඉන්නවා. උසස් ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් පොලිස් සේවයක් කිරීමට අත්‍යාවශ්‍යයි. අලුත් නීති සකස් කිරීමට ඒ ආයතනවලට බාර දී තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව වෙනසකට භාජනය විය යුතුයි.පොලිස් සේවයේ වෙනස්කම් රාශියක් කරනවා. ජනතාවගේ සහාය අවශ්‍යයි.පොලිස් දෙපාර්තමේන්තුව ගැනඅලුතෙන් සිත්ය යුතුයි. නීති ශක්තිමත් කරනවා.මිත්‍රශීලී පොලීසියක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීලා,කටයුතු කළ යුතු වෙනවා යැයි ද ජනාධිපතිවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya