අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ නිලධාරීන්ට යතුරුපැදි ලක්ෂයක්

    ජූලි 26, 2014
    කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලක්ෂයක් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත. එහි සමාරම්භය සනිටුහන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් 1500කට යතුරුපැදි ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී සිදු විය.
     
    මේ අවස්ථාව සංකේතවත් කරමින් දස දෙනෙකු සඳහා ජනාධිපතිතුමා අතින් යතුරුපැදි ප්‍රදානය කෙරිණි. 
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, තිස්ස විතාරණ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු මීට එක්ව සිටියහ.
     
    NDH/pmu-pix by Nishanka de Silva
     
    04
     
     
    09
     
    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya