මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව කොළඹ දී

    සැප්තැම්බර් 17, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව(EvalColombo2018) අද (17) කොළඹ දී ආරම්භ වෙයි.

    ඇගැයීම සඳහා වූ ගෝලීය පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ඇගැයීම් සඳහා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමුළුව සංවිධානය කරයි.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමුළුව, කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ වෙයි. මෙම සමුළුවේ දී ලොව පුරා 70කට අධික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යහපාලනය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇගැයීම භාවිත කළ හැකි මාර්ග ගවේෂණය කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ ඇගයීම් ප්‍රතිපත්තිය 2018 ජූනි මස 26 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ජාතික ඇගැයීම් ප්‍රතිපත්තියක් ඇති දකුණු ආසියාවේ පළමු රට බවට ඒ අනුව ශ්‍රී ලංකාව පත් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya