මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහානායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල හිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති ප්‍රදානත්වයෙන්

    සැප්තැම්බර් 17, 2018

    ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ නව වැනි මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත  ශ්‍රී  සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. 

     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විජිණිපත පිළිගන්වනු ලැබීය. 

     ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක ස්වාමින් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, හිටපු කථානායක චමල් රාජපක‍ෂ, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහ දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ. 

     ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya