''ස්වයංපෝෂිත යුගයක් '' මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්, තේමාව යටතේ ඊයේ ආරම්භ කෙරුණු ක්‍රිඩා උලෙළ සදහා මහවැලි කලාප 10ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 3000ක් පමණ එක්වූ අතර, ක්‍රිඩා උලෙළ ඉසව් 42 කින් සමන්විත විය.
සමාප්ති උත්සවයේ දී දක්ෂම ක්‍රිඩකයා, ක්රිඩිකාව, හොදම මහවැලි කලාපය ඇතුථ ජයග්‍රාහක කණ්ඩායම් වෙත ජය සංකේත පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
ආසියානු ශූරතාවය දිනු ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු ක්‍රිඩිකාවන් ද ක්‍රිඩා උලෙළට එක්ව සිටි අතර ඔවුන් වෙනුවෙන් මහවැලියෙන් පිරිනමන ලද විශේෂ සමරු තිළිණය සහ ඩයලොග් ආයතනය විසින් පිරිනමන ලද විශේෂ තිළිණය පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
එමෙන්ම ඉදිරි වසර 03 තුළ එමක්රිඩිකාවන්ගේ ක්‍රිඩා කටයුතු සදහා අනුග්‍රහය ලබාදීමට රජයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආයතනය ඉදිරිපත්වී සිටින අතර, එය ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
අමාත්‍ය මහින්ද අමරවීර, තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය විරකුමාර දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මීට එක්ව සිටියහ.