අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

    සැප්තැම්බර් 17, 2018
    ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
    ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ටි්‍රයල් සන්ධානයේ 31 වන සංවත්සරයට සමගාමීව මෙය සංවිධානය කර තිබුණි. 
    මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් මෙම උත්සවයේ ආරාධිත දේශනය සිදු කරනු ලැබීය. 
    ඕසෝන් දිනය නිමිත්තෙන් පාසල් දරුවන් වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වන ලද තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
    ශ්‍රී ලංකා රේගුවට ශීතකාරක හදුනාගැනීමේ උපකරණ ලබාදීම හා තාක්ෂණික සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා තාක්ෂණික ආයතන 02කට වායු සමීකරණ යන්ත්‍ර 02 ක් ලබාදීම ඇතුථ වැඩසටහන් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
    පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya