මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදපෙරදිගට සීමා වී තිබූ විදේශ රැකියා අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙනවා

    සැප්තැම්බර් 04, 2018

    මැදපෙරදිගට පමණක් සීමා වී තිබූ විදේශ රැකියා ක්ෂේත්‍ර අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙන බවත් මේ වනවිට මෙම වැඩපිළිවෙල සාර්ථක වී තිබෙන බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී මතු කළ වචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ''දැනට මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යැවීම සීම කර තිබෙනවා. 2018 වසරේ සමස්ත විදේශ ගතවීම්වලින්  සියයට 28%ක් දක්වා කාන්තාවන් ගෘහ සේවයට විදේශගත වීම අඩු වී තිබෙනවා. හොර රහසේ විදෙස් ගතවීමක
    දී ඔවුන් පිළිබඳවත් ඔවුන්ගේ දරුවන් ගැන සොයා බලන්න හැකියාවක් නෑ.ඒ නිසයි කියන්නේ නීතියේ සංශෝධනයක් කර යම් ක්‍රමවේදයක් සැකසිය යුතුයි කියලා.''

    මේ වනවිට කොරියාව, ඊශ්‍රාලය, ජපානය ආදී රටවල නව රැකියා අවස්ථා උදාවී තිබෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා,  අනාවරණය වු තොරතුරු අනුව පවුල් පසුබිම් වාර්තා අනුව විදේශගතවීම නැවැත්වූ කාන්තාවන් වෙනත් ක්‍රම මඟින් විදෙස් ගත වී තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya