මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය පාලනය සාර්ථකව නිම කළ රාජ්‍ය ආයතන 101කට සම්මාන - රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන හෙට

    සැප්තැම්බර් 04, 2018

    රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන හෙට (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු  සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    රාජ්‍ය ආයතන 837ක් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර තිබේ. 2016 වර්ෂයේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් වියදම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙම ඇගයීම් සිදු කර ඇති බව අද (4) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය
    හමුවේ දී නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කීය.

    මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා  කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කෙරේ.

    පාර්ලිමේන්තුව විසින් වෙන් කරන මුදල් නිසි පරිදි භාවිතා කළේ ද යන්න සොයා බැලීම මෙමඟින් සිදු කෙරෙන  අතර ආයතනවල සිදුවන අඩුපාඩු අවම කිරීම මෙහි අරමුණ බවද ජනතාව උනන්දුකරවීම සඳහා දඩුවම්කිරීම  පමණක් නොව වැඩ කරන පුද්ගලයින් හා ආයතන ඇගයීමද සිදු කළ යුතු බව ද සඳහන් කළ නියෝජ්‍ය  අමාත්‍යවරයා හෙට (5) පැවැත්වෙන මෙම සම්මාන උළෙල මූල්‍ය වගකීම් පිළිබඳව තැබූ ඉදිරි පියවරක් ලෙසද  සඳහන් කළේය.

    2015 මුදල් වර්ෂයේදී ආයතන 831 ක් අතුරින් මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම සහ  කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන 81ක් සඳහා ජාතික සම්මාන ලබාදීම පසුගිය  2017 වසරේදී සිදු විය.

    විවිධ ආයතනවලට ලබා දෙන ජනතාවගේ මුදල් එම රාජ්‍ය ආයතන තුළ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද සොයා  බැලීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත් ඉදිරියේදී සියලු රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන  ආයතනවලට මෙම මූල්‍ය පාලනය සහ කාර්යසාධනය මාර්ගගත ක්‍රමයට ඇගයීමේ ක්‍රමය හඳුන්වා දීමට  බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya