අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කිරිවෙහෙර සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගනී

    සැප්තැම්බර් 04, 2018

    ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිරි වෙහෙර සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     අනතුරුව කතරගම මහ දේවාලයේ පැවති ආශිර්වාද පූජාවට ද එක්වූ ජනාධිපතිතුමා දේවාල පරිශ්‍රයේ සෙසු දේවාල වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

     රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya