අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දියගම නිරීක්ෂණ චාරිකාවක

    ජූලි 14, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (14) හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ නීරක්ෂණ චාරිකාවක නිරත විය.
     
    ක්‍රීඩා සංකීර්ණයේ සිදු කරමින් පවතින ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ඉදිකිරීම්වල සැලසුම් ද නිරීක්ෂණය කළේය. 
     
    පළමුව මලල ක්‍රීඩා සංකීර්ණය වෙත ගිය ජනාධිපතිතුමා එහි ඉදිකිරීමට නියමිත ක්‍රීඩාගාරය පිළිබඳ සොයා බැලූ අතර අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදුවන ඉදිකිරීම් ද, ඉදිකරමින් පවතින පිහිණුම් තටාකය ද නිරීක්ෂණය කළේය. 
     
    ක්‍රීඩා සංකීර්ණයේ මාර්ග පද්ධතිය පරීක්ෂා කර බැලූ ජනාධිපතිතුමා රථ වාහන ගාල් කිරීමට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    මෙම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් 2007 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ වු අතර ජනාධිපතිතුමාගේ නිරතුරු සොයා බැලීම් සහ මැදිහත්වීම මත ඉදිකෙරුණු ක්‍රීඩාංගණය 2010 වසරේ ජනවාරි 21 වන දින ජනතා අයිතියට පැවරිණි.
     
    අක්කර 126ක භූමි භාගයක් තුළ අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රීඩාංණයක් ලෙස ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණය අති නවීන පහසුකම්වලින් සමන්විතව ශ්‍රී ලංකාවේ පිහිටි එකම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වේ. 
     
    අද ජනාධිපතිතුමා සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    HE diyagama insp tour 1
     
     
    HE diyagama insp tour 2
     
    HE diyagama insp tour 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya