අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිපුණතා දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ පණිවුඩය

    ජූලි 15, 2014
    ජර්මානු රජයේ GIZ ආයතනය සමඟ සහයෝගීව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට මෙම සුභ පැතුම් පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි.
     
    තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව විශේෂයෙන් තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනය හරහා ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතා සැපිරීමට අපේක්ෂා කරන මානව සම්පත් වර්ධනයේ අත්‍යාවශ්‍ය අංගයකි. මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වන මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි සැලකිල්ලට ගෙන ඇති ආකාරයට මාගේ රජයෙහි ප්‍රධාන අරමුණුවලින් එකක් වන්නේ රටේ අභිවෘද්ධියෙහි ලා ඉතා විශාල භූමිකාවක් ඉටු කිරීමට අපේ තරුණ තරුණියන් සන්නද්ධ වී ඇති බව සහතික කිරීමට විවිධ විෂයන්ගෙන් ඔවුන්ව බලගැන්වීමයි.
     
    විශේෂයෙන් තොරතුරු තාක්ෂණයේ ප්‍රගමනයන් සහිත ශීඝ්‍ර තාක්ෂණික අභිවෘද්ධියේ වත්මන් යුගය තුළ නවෝත්පාදනයන් තුළින් සමාජ ප්‍රගමනය සඳහා අලුත් අවස්ථා නිර්මාණය කිරීමට රටක තරුණ තරුණියන්ට වැඩි වැඩියෙන් අවස්ථා ලැබේ. 
     
    තරුණ තරුණියන් විසින් සුවිශේෂි දායකත්වයක් සැපයිය යුතුව ඇති සාමයේ හා සංහිඳියාවේ නව වාතාවරණය තුළ රට සංවර්ධනය වෙත ගමන් කරමින් සිටින මෙම අවස්ථාවේ "සමාජ ඒකාබද්ධතාව පුළුල් වර්ධනය හා තිරසාර සංවර්ධනය" තේමා කොටගත් මෙම සම්මේලනය ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ඉතා කලෝචිතය.
     
    මෙම ඉතා වැදගත් කාර්යභාරය පිළිබඳ ක්ෂේත්‍රයේ විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගැනීමට සිය ඉලක්ක සපුරා ගැනීමෙහි ලා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව පිළිබඳ 2014 ජාත්‍යන්තර සම්මෙලනය සියලු සාර්ථකත්වයන් අත්කර ගනිවා!යි මම ප්‍රාර්ථනා කරමි.
     
    මහින්ද රාජපක්ෂ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya