අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාගම් ලියාපදිංචි කිරීමට අය කරන මුදල ප්‍රමාණවත් නැහැ

    ජූලි 11, 2014

    සමාගම් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළේ සුළු මුදලක් බවත් මේ ආයතන පවත්වා ගෙන යාමට අය කරන එම මුදල ප්‍රමාණවත් නොවන නිසා සමාගම් රෙජිස්ටාර් ගාස්තුව, නැවත පරීක්ෂා කරන ගාස්තු ආදිය සංශෝධනය කිරීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සංවර්ධන ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ සමාගම් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළේ මුදල ප්‍රමාණවත් නොවන බවයි. ඒ නිසා මේ මුදල වැඩි කළ යුතුයි. අවුරුදු පහකට පසුවයි මේ ගාස්තු සංශෝධනය කරන්නේ වරලත් ගණකාධිකාරීවරුන්, විගණන ශිල්පීන් අපගේ කාර්ය පටිපාටියට විශාල පහසුවක්. 12600කට වැඩි ප්‍රමාණයක් සමාගම් ප්‍රමාණයක් දැනට ලියාපදිංචි වී තිබෙනවා. සමාගම් රෙජිස්ටාර් පනත යටතේ ගාස්තු වැඩිකිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට තිබෙනවා.


    සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අපි නවීකරණය කර තිබෙනවා. මේ ආයතනය පරිගණකගත කරනවා. මෙය ලබන වසරේ ජූනි වන විට මුළුමනින්ම පරිගණකගත කරනවා යැයි බදියුදීන් මහකතා පැවසීය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya