මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවත් තාක්ෂණ හා පර්යේෂණ සඳහා වැඩි දායකත්වයක් දැක්විය යුතුයි

    ජූලි 11, 2014

    ලෝකය නවෝත්පාදන, තාක්ෂණ සහ පර්යේෂණ සඳහා දක්වන දායකත්වය අප සොයා බැලිය යුතු බවත් 2015, 2020 මැදි ආර්ථික කාලය සඳහා ශ්‍රී ලංකාවත් තාක්ෂණ හා පර්යේෂණ සඳහා වැඩි දායකත්වයක් දැක්විය යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ආරම්භ කරමිනි.


    මූලික අධ්‍යයන ආයතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා අද ඉදිරිපත් කර තිබෙන අතර මේ ආයතනය ඉතා වැදගත් වන්නේ පර්යේෂණ ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකරන නිසයි. 1985 අංක 55 දරන පනත 1997දී සංශෝධනය කළා. එය නැවත සංශෝධනය අපගේ අරමුණකි. ඒ වගේම මූලික අධ්‍යයන ආයතනය ජාතික මූලික අධ්‍යයන ආයතනය නමින් නම් කිරීම සහ පාලක මණ්ඩල සංයුතිය වෙනස් කිරීම තවත් එක් අරමුණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මෙහි පාලක මණ්ඩලය සඳහා රටේ ඉහළම බලධාරීන් තිදෙනෙකු වන ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා ඇතුළත් වේ. නමුත් මේ ආයතනය  වෙනුවෙන් ඔවුන්ගේ කාලය යෙදවිය හැකිද යන ගැටලුව පැන නගී. ඒ නිසා මූලික අධ්‍යයන ආයතනයේ සංයුතිය වෙනස් කිරීමට යෝජනා කරනු ඇත. මේ ආයතනය ආරම්භ කළේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ වකවානුවේදී පර්යේෂණය සඳහා ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස පත්කිරීමේ අරමුණ ඇතිව බව ඔහු සඳහන්කළේය.


    වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා, රසායනික පොහොර වෙනුවට ජීව පොහොර සම්බන්ධයෙන් මේ ආයතනය පර්යේෂණ කළා. තාක්ෂණයට සිදු කරන ආයෝජන සහ සංවර්ධනය අතර බරපතල සම්බන්ධයක් පවතී. ඒ නිසා තාක්ෂණය හා පර්යේෂණවලට මුදල වැඩි කළොත් අපගේ ආර්ථික වේගය ඉහළ යනවා. මේ බව පසුගිය කාලය තුළ සිදු කර ඇති පර්යේෂණවලින් පැහැදිලියි. අපගේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහාත් තාක්ෂණික මැදිහත්වීමක් අවශ්‍යයි. 1960ට සාපේක්ෂව අපගේ ආර්ථික වර්ධන වේගය බරපතල ලෙස ඉහළ ගොස් තිබෙනවා. අතීතයේ අප රට තුළ සම්පත් බහුලව තිබුණා. කොරියාව සිය ජාතක නිෂ්පාදනයෙන් 4%ක් තාක්ෂණ හා පර්යේෂණ හා නව නිෂ්පාදනවලට වෙන් කරනවා. නව දැනුම ආර්ථිකයට අවශ්‍ය ශ්‍රම බලකාය සහ නව නිර්මාණ ලෝකය පුරා බිහිවෙනවා. සයිබර් විශ්වවිද්‍යාල ගොඩනැගෙනවා. සයිබර් අවකාශය තුළ ව්‍යාපාර ගොඩනැගෙන ඒ නිසා තාක්ෂණ සහ පර්යේෂණ සඳහා වැඩි දායකත්වයක් දැක්විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya