මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන්නේ නෑ

    ජූලි 11, 2014

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හරිමින් කටයුතු කිරීමට මේ ආණ්ඩුව කිසිවිට ප්‍රයත්න දරන්නේ නැති බවත් මානව හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමට ක්‍රියාකරන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ස්ථාවර නියෝග 23(2) යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචියේ දී ඉදිරිපත් කරන ලද කාර්යභාරයෙන් ඉවත්ව කටයුතු කරන අවස්ථා පවතී. ඔවුන් බාහිරව කටයුතුවල නිරතව සිටී. තම විෂය පථයෙන් බැහැරව කටයුතු නොකරන ලෙස දැනුවත් කිරීමක් සිදු කර ඇති බව එතුමා පෙන්වා දුන්නේය.


    30 වසරක යුද්ධයක් අවසානයේ ත්‍රස්තවාදීන්ට සහය දුන් බවට ප්‍රකාශ ඇත. ලොව සමහර රටවල මේවා මඟින් ජන අරගල ද ඇති වී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි පොරොන්දු පත්‍රයට මේ අයුරින් ක්‍රියාකරන බවට අත්සන් කළ ද එසේ ක්‍රියා නොකරන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya