අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංවිම කොන්ත්‍රාත් හා මිනිස්බල ආයතනවලින් බඳවාගත් අය ගැන අවධානය යොමුකරන්න - කතානායක

    ජූලි 11, 2014

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා මෑන්පවර් ආයතන මඟින් බඳවා ගන්නා ලද සේවක පිරිස එහි සේවය කරද්දී ස්ථිර සේවයට වෙනත් අය බඳවා ගැනීම අසාධාරණ බවත් මෑන්පවර් ආයතනවලින් සේවයට යොදවා සිටින අය වසර 10ක පමණ සිට එසේ තියාගෙන සිටීම අසාධාරණ බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරියගේ අවධානය යොමුකරන ලෙසත් කතානායක චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.


    කතානායකවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විදුලබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයක් අතරතුර කරන ලද ප්‍රකාශයකයි.


    පසුගිය කාලයේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා කොන්ත්‍රාත් පදනම මත 543 දෙනකු බඳවා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


    මේ වන විට මෑන්පවර් ආයතන මඟින් සේවයට 4000ක පමණ පිරිසක් සේවයට යොදවා සිටිති. තමා අමාත්‍යාංශය භාරගත් පසු එසේ අලුතින් බඳවා ගැනීමක් සිදු නොකළ බවත් මෑන්පවර් ක්‍රමය යටතේ බඳවා ගැනීම් නැවැත්වූ බවත් අමාත්‍යතුමිය අවධාරණය කළාය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya