අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ් ජනපති අතින් අද ජනතා අයිතියට

    ජූලි 13, 2014
    රුපියල් මිලියන 500ක මුදලක් වැය කරමින් සංවර්ධනය කළ කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර වන "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ්" (Independent arcade ) අද (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    අසංවිධිත සංවර්ධනයකට සහ අව භාවිතයට යොමුවී තිබු නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරග පිටිය සංවර්ධනය කොට භූමි දර්ශන අලංකාර කොට නැවත මහජනතාව අතට පත්කිරීම සිදුවිය. 
     
    කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වඩාත් දර්ශනීය, නිදහස්, මෙන්ම හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකරනු ලබයි. ඒ අනුව අගනගරය ජාතික අභිමානයකින් විවෘත භාවයකින් යුත්, නිදහස්, පිරිසිදු, දර්ශනීය මෙන්ම වඩාත් ආරක්ෂිත ආසියාවේ අනෙක් අගනගරවලට නොදෙවෙනි නගරයක් බවටපත් කිරීම රජයේ අරමුණයි.
     
    ජනතා අයිතියට පැවරෙන මෙම "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ්" වාණිජ මධ්‍යස්ථානය වර්ග අඩි 90000ක පමණ විශාලත්වයකින් යුතු වන අතර එයින් වර්ග අඩි 40000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබා දෙනු ලබයි. 
     
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ප්‍රතිනිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය සැපයුයේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙතිනි. ජනතා අයිතියට පැවරීමෙන් පසු මෙහි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී ආකර්ෂණීය පරිසරයක් සහිත විවේකය තවත් නිදහසේ ගතකිරීමට හැකි පරිසරයක් මෙහි නිර්මාණය වෙනු ඇත.
     
    මේ තුළින් කොළඹ මහ නගර සභාවට මුල්‍ය ප්‍රතිලාභ අත්කර දෙන අතර නඩත්තු කටයුතු ද ඔවුන් වෙතින් සිදුකිරීමට නියමිතය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya