අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්" ලබන 13 ජනපති අතින් ජනතා අයිතියට

    ජූලි 09, 2014
    කොළඹ, ටොරින්ටන්හි පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පැවති ගොඩනැගිලි සහ එම භූමිය - කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්" (Independent arcade) නමින් වාණිජමය ගොඩනැගිලි සංකීර්ණයක් බවට සංවර්ධනය කර ජනතා අයිතියට පැවරීම ලබන 13දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
     
    අසංවිධිත සංවර්ධනයකට සහ අව භාවිතයට යොමුවී තිබු නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරග පිටිය සංවර්ධනය කොට භූමි දර්ශන අලංකාර කොට නැවත මහජනතාව අතට පත්කිරීම සිදුවිය. කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වඩාත් දර්ශනීය, නිදහස්, මෙන්ම හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකරනු ලබයි. ඒ අනුව අගනගරය ජාතික අභිමානයකින් විවෘත භාවයකින් යුත්, නිදහස්, පිරිසිදු, දර්ශනීය මෙන්ම වඩාත් ආරක්ෂිත ආසියාවේ අනෙක් අගනගරවලට නොදෙවෙනි නගරයක් බවටපත් කිරීම රජයේ අරමුණයි.
     
    බ්‍රිතාන්‍ය පාලන සමයටත් පෙර ඉදිකරන ලද මෙම ගොඩනැගිලි ලන්දේසි පාලන සමයේ මානසික රෝහලක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර පසුව විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් පරිහරණය කොට ඇත. අවසාන වශයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා භාවිත කරන ලදී. ඉන් අනතුරුව මෙම දේපළ නාගරික සංවර්ධන අධිකාරියට පවරගන්නා විට ඉතාම අබලන් මෙන්ම ජරාජීර්ණ තත්ත්වයකට පත්ව පැවතිණි. මෙයට යාබද භූමිය වන තුරඟ තරග පිටිය (Race Course) ද පැවතියේ මෙයට නොදෙවෙනි මට්ටමකය. ලෝක යුධ සමයේ යුධ ගුවන්යානා ගොඩබැස්සවීමට භාවිත කරන ලද මෙම පිටිය පසුව බ්‍රිතාන්‍යයින් කුඩා සහ විශාල වශයෙන් ප්‍රේක්ෂකාගාර (Grand Stand) දෙකකින් යුක්තව තුරඟ තරග පැවැත්වීම සඳහා යොදාගන්නා ලදී. ඉතාම ජරාජීර්ණව අභාවයට යමින් පැවතී එම ගොඩනැගිලි අද වනවිට සංරක්ෂණය හා සංවර්ධනය කොට සංචාරක ආකර්ෂණය සහිත වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇත.
     
    ජනතා අයිතියට පැවරෙන මෙම "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ්" වාණිජ මධ්‍යස්ථානය වර්ග අඩි 90,000ක පමණ විශාලත්වයකින් යුතු වන අතර එයින් වර්ග අඩි 40,000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබා දෙනු ලබයි. 
     
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ප්‍රතිනිර්මාණය වූ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය සැපයුයේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙතිනි. ජනතා අයිතියට පැවරීමෙන් පසු මෙහි පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් වෙනුවෙන් වඩාත් ආරක්ෂාකාරී ආකර්ෂණීය පරිසයක් සහිත විවේකය තවත් නිදහසේ ගතකිරීමට හැකි පරිසරයක් මෙහි නිර්මාණය වෙනු ඇත.
     
    මේ තුළින් කොළඹ මහ නගර සභාවට මුල්‍ය ප්‍රතිලාභ අත්කර දෙන අතර නඩත්තු කටයුතු ද ඔවුන් වෙතින් සිදුකිරීමට නියමිතය. මේ සඳහා රුපියල් මිලියන 500ක පිරිවැයක් දරා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya