මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නව වෙනසක් ඇති කිරීම අරමුණයි

    ජූලි 08, 2014
    පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නව වෙනසක් ඇති කිරීම ප්‍රවාහන අමාත්‍යාංශයේ අරමුණ බවත් අණපනත් නීතිරීති ගෙන එන්නේ ජනතාව වෙනුවෙන් බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කළ මෝටර් වාහන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    අපගේ මාර්ග පද්ධතිය දවසින් දවස නවීකරණය වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය, මාර්ග පද්ධතිය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සුවිශාල මෙහෙවෙරක් ඉටු කරනවා. මේ රටට, මේ රටේ සෑම ක්ෂේත්‍රයකටම අලුතින් යමක් එක් කළා නම් එසේ ක‍ළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ද ඔහු පෙන්වා දුන්නේය.

    අපගේ ප්‍රවාහන ක්ෂේත්‍රයට දියුණු තාක්ෂණයක් වන ජී.පී.එස්. තාක්ෂණය එක් කිරීම අපගේ ඉලක්කයක්. දැනටමත් ඒ තාක්ෂණය ඇතැම් දුම්රියවලට යොදවා තිබෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා බොහෝ දේ අපේ ඇමතිවරයා සිදු කර තිබෙනවා. ලංගමය ඈවර කරන්නට, බස් ගිනි තියන්නට කටයුතු කළ අය අද ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

    විවාදය අවසානයේ මෝටර් වාහන පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya