අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවන වියදම් දීමනාව ගණනය කිරීමට නව දර්ශකයක් සකස් කරමින් පවතිනවා

    ජූලි 08, 2014

    පාර්ලිමේන්තු කාරක සභාවේ උපදේශනය මත ඉදිරි කාලයේ දී ජීවන වියදම් දීමනාව ගණනය කිරීම සඳහා යොදා ගත හැකි නව දර්ශකයක් සකස් කරමින් පවතින බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී එජාප පත් කළ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ පිළිබඳව කම්කරු අමාත්‍යාංශ කාරක සභාවේදී සාකච්ඡා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා උද්ධමන තත්ත්වය සැලකිල්ලට ගෙන නව ක්‍රමය සැකසීමෙන් පසු  ඉදිරි අයවැයේදී ඒ පිළිබඳ ප්‍රකාශයට පත්කරන බව කීය.

    ජීවන වියදම් දීමනාව ගණනය කිරීම සඳහා වන දර්ශකය නිර්මාණය කළාට පසුව එය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කරන බව කී අමුණුගම මහතා දැනට ජීවන වියදම් ගණනය සිදු කරන්නේ භාණ්ඩ හා සේවා අනුව බවද කීවේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya