අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිටකොටුවේ නාගරික සංවර්ධනය හුදෙක් විකල්ප කඩ ලබාදීමට නො වේ

    ජූලි 08, 2014

    පිටකොටුව, බැස්ටියන් මාවත, ඕල්කට් මාවත හා බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කරනු ලබන්නේ විකල්ප කඩකාමර ලබාදීම අරමුණු කොට ම නොවන බවත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන පරිදි දේශීය නිෂ්පාදන අලෙවිකිරීම සඳහා හොඳ වෙළෙඳසැලක් ඇති කිරීමට ද ප්‍රදේශයේ භෞතික හා පාරිසරික සංවර්ධනය ද අරමුණු කොට බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළේය.

     

    කොළඹ, නගර සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ සහ පිටකොටුව ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමූඛතා පදනම යටතේ විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇත.


    කොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවත හා ඕල්කට් මාවත ආශ්‍රිත ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ජාලයේ ප්‍රධාන මංතොට ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්හි එක් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට සැලසුම් ක්‍රියාත්මක කිරීමට සකස් කරමින් පවතී.


    එහි ආරම්භයක් වශයෙන් වර්තමානයේ එම ප්‍රදේශයේ පිහිටි සියලුම අවිධිමත් හා අනවසර කුටි ඉවත්කොට එම ප්‍රදේශය නගර අලංකරණය ඇති වන පරිදි සංර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් පියවර ගෙන ඇත.


    මෙහිදී ඉවත්කරනු ලබන සියලුම අවිධිමත් කඩ කාමර හා වෙළෙඳකුටි සඳහා විධිමත් සැලසුමක් යටතේ ඉදිකරනු ලබන වෙළඳ සංකීර්ණ තුළින් විකල්ප කඩකාමර ලබාදීමට පියවර ගෙන ඇත.


    මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස පිටකොටුව බැස්ටියන් මාවතට යාව, බේරේ වැව ආශ්‍රිතව අබිනවයෙන් ඉදිකළ පාවෙන වෙළෙඳසැල හඳුන්වා දිය හැක. මෙම නව වෙළෙඳ සංකීර්ණය තුළින් පිටකොටුව බස්තියන් මාවත නැවතුම්පොළ පරිශ්‍රය ආශ්‍රිත ඕල්කට් මාවතට හා බැස්ටියන් මාවතට මුහුණලා වේදිකාවේ හා මාර්ග රක්ෂිතයේ පිහිටි කඩකාමර සඳහා විකල්ප කඩකාමර ලබාදීමට පියවර ගෙන ඇත. මෙය හුදෙක්ම විකල්ප කඩකාමර ලබාදීම අරමුණු කොටගත් ව්‍යාපෘතියක් නොවන අතරම එය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන පරිදි දේශීය නිෂ්පාදන අලෙවිකිරීම සඳහා හොඳ වෙළෙඳසැලක් ඇති කිරීමට ද ප්‍රදේශයේ භෞතික හා පාරිසරික සංවර්ධනය ද අරමුණු කොට ක්‍රියාත්මක කරන ලද්දකි.


    ඕල්කට් මාවතේ වෙළෙඳසැල් පිහිටි භූමිය රජය සතු මාර්ග රක්ෂිතයකි. මෙම බිම් තීරුවේ පිහිටි වෙළෙඳ සැල් ඉවත් කිරීම සිදුකරනුයේ භූමියේ අයිතියක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබාගැනීමේ අභිප්‍රායක් මත නොවන අතර හුදෙක්ම පොදු මහජනයාගේ පහසුව සඳහා හා විවෘත අවකාශයක් පිළිසකර කිරීමේ නගර සැලසුම් අවශ්‍යතාවන් සඳහාය. එමෙන්ම විකල්ප ස්ථාන වශයෙන් ලබා දී ඇති බැස්ටියන් මාවතට යාව බේරේ වැව අසල ඇළ මාර්ගය ආශ්‍රිත භූමිය දුම්රිය දෙපාර්තමේන්තුව භාරයේ පැවති රජයේ සන්තකයේ යටතේ පැවති බිම් තීරුවකි. එකී සන්තකය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නෛතිකව පවරා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.


    කඩකාමර ඉදිකිරීමට හා එහි අවට ඇති භූමිය පාරිසරික අලංකාරය ඇති වන පරිදි සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට වැය වූ පිරිවැය පියවා ගැනීම මූලික නිර්ණායකයයි. එහෙත් එම මුදල පියවා ගැනීමේදී අනුගමනය කරනුයේ කඩකාමරවල වෙළෙඳපොළ වටිනාකම අයකිරීමකින් තොරව මේ විකල්ප පහසුකමක් ලෙස සලකා ව්‍යාපෘතිය සඳහා වැයකළ මුදලින් ඉතා සුලු මුදලක් බව අග්‍රාමාත්‍යවරයා සභාවට අවධාරණය කළේය.


    පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya