අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සේවා සඳහා වසරකට ලක්ෂ 05ක පමණ සහන ලබා දෙනවා

    ජූලි 08, 2014

    ප්‍රවාහන අමාත්‍යාංශය ‍ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කරන බවත් "නිසි සැරිය, සිසු සැරිය" ආදී වශයෙන් බස් රථ යොදවා ඇති අතර ඒවා සඳහා වසරකට රුපියල් ලක්ෂ 05ක පමණ සහන ලබා දෙන බවත් පෞද්ගලික මගී ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී මෝටර් වාහන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    ගුණාත්මක ප්‍රවාහන සේවයක් සඳහා බොහෝ දේ අවශ්‍යයි. ඒ වගේම නියාමනයක් අවශ්‍යයි. නියාමනයක් සිදු නොවුනහොත් සිදු වන ජීවිත හානි ප්‍රමාණය වැඩිවනු ඇත. මගී ජනතාවගේ ආරක්ෂාව සහ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ උනන්තිය වෙනුවෙන් අද ඉදිරිපත් කරන සංශෝධන ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.


    රියැදුරන් විනයානුකූල හා ගුණගරුක පිරිසක් බවට පත් විය යුතුයි. බස් රථ අතර අද පවතින්නේ තරගයක් වන අතර රුපියල් නවයේ කෑල්ලටත් බස් රථ තරගයට දුවයි. ජී.පී.එස්. තාක්ෂණය යටතේ බස් රථ නිරීක්ෂණය කිරීමටත් ඒ සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමත‍් සිදු කරනවා. ඒ වගේම බස් රථ සඳහා කැමරාවක් සවි කරන අතර ඒ ඔස්සේ බස් රථවල සිදුවන ලිංගික හිරිහැර අවම කර ගත හැකියි. ඒ වගේම රියදුරු බලපත්‍ර සඳහා ලකුණු ලබාදීමත් අරමුණක් වේ. යම් බස්රථයක් මඟින් එහි කොන්දොස්තර, රියැදුරු මහත්වරුන්ගෙන් මගී ජනතාවට හිරිහැර, පීඩා සිදු වෙනවා නම් බස් රථ බලපත්‍රය අවලංගු කිරීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ඒ වගේම මගී ජනතාව සඳහා පෙර ගෙවුම් කාඩ්පත දීප ව්‍යාප්ත මට්ටමින් හඳුන්වා දීම අපේ අරමුණකි. පාසල් දරුවන් වෙනුවෙන් "සිසු සැරිය" නමින් බස් රථ සේවයක් ක්‍රියාත්මකයි. එහිදී පාසල් දරුවන් බස් රථයට ඇතුළු වූ අවස්ථාවේ සහ පාසලට ඇතුළත් වූ අවස්ථාවේ දී දෙමාපියන්ට sms සේවයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිය සකස් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya