ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාවේ යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (2) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගි වුණේ අවංකවමයි. සැලැස්මක් අනුව සංහිදියාව නැවත ඇතිකරන්න යුද්ධය අවසන් කිරීමත් හේතුවක් වුණා. අපි අවංකවමයි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඉදිරිපත් වුණේ. අපි කමිටුවලට සහභාගී වුණා. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව සැක තිබුණත් එයට සහභාගී වුණා.මේ ක්‍රියාවලියට සහභාගී වුණේ රට හා ජාතිය ගැන සිතලයි.අපේ යෝජනා ඉදිරිපත් කළා. අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වන්නේ ජාතීන් එක්සේසත් කිරීමක්. ජාතින් එකතු කරන ව්‍යවස්ථවක් බලපොරොත්තු වෙනවා. ජාතිය සමඟිය, ආගමික සමඟිය බලාපොරොත්තු වෙනවා. ජාතීන් අතර වෛරය ඇති නොකරන ලෙස ඉල්ලා සිටිනවා යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.