නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහජීවනය ඇති කිරීමට ග්‍රාමීය මට්ටම ඉලක්ක කර ගත් සංවර්ධන වැඩසටහනක් අවශ්‍යයි

    ඔක්තෝබර් 31, 2017

    සහජීවනය ඇති කිරීමට ග්‍රාමීය මට්ටම ඉලක්ක කර ගත් සංවර්ධන වැඩසටහනක් අවශ්‍යයි. විකල්ප සංවර්ධන මාවතක් කරා අප යා යුතු යැයි පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති.

    මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට අද (31) පාර්ලිමේන්තුවේ දී  එක්වෙමිනි.

    උතුරේ යුද්ධය අවසන් වුණේ 2009 දී.  අවුරුදු අටක් ගත් වෙලා. උතුරේ කළ යුතු දේවල් පළමුව කළ යුතුව තිබෙනවා. අවුරුදු ගණනාව තුළ අපි ඒ දේවල් කළාද? සංස්කෘතික පාළමක් හදගන්න තිබුණා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කිව්වා. උතුරට බලය දුන්නා කියලා සමස්ත දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නෑ. හැමෝටම මේ රටේ නිදහස ලැබෙන්න ඕන.

    ග්‍රාමීය මට්ටමට බලය විමධ්‍යයගත වූ ක්‍රියාවලියකට අප යා යුතුයි. උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයට උත්තරයක්  දීම අවශ්‍යයි. ඉඩම් ලබාදෙන වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. නව සංවර්ධන මාදිලියකට අවශ්‍ය බල විමධ්‍යගත කිරීමක් අවශ්‍ය වෙනවා.

    යුද්ධයෙන් පසුව ජාතික සමඟිය ජාතික සංහිදියාවක් රටට අවශ්‍යයි. සමස්ත දෙමළ ජනතාව ගැන කතා කළ යුතුයි.  සහජීවනය ඇති කිරීමට ග්‍රාමීය මට්ටම ඉලක්ක කර ගත් සංවර්ධන වැඩසටහනක් අවශ්‍යයි. විකල්ප සංවර්ධන මාවතක් කරා අප යා යුතුයි. අනාගත පරම්පරාවට සොහොන් හදනවාට සහජීවනය ඇති කිරීමට හැකි සංවර්ධන මවතක ව්‍යවස්ථා සංශෝධනයක් කතා කළ යුතුයි. පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. විවාදයට තුඩු නොදෙන අප සැමට එකඟ විය හැකි කළ හැකි සංශෝධනයට එකතු වෙමු යැයි ද රතන හිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya