අමාත්‍යවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.
ව්‍යවස්ස්ථාව ගැන රටපුරා මතිමතාන්තර පවතිනවා. අප අනිවාර්යෙන්ම බාධක හරහා ගමන ය යුතුයි. අපිට ජාතික සමඟිය ගොඩනැඟීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා ව්‍යවස්ථාවක් ඇති කරගත යුතුයි.
1978 රජය ව්‍යවස්ථ වෙනසක් කළා. අලුත් ක්‍රමවේද ඇතුළත් වුණා. දේශපාලන තත්ත්වය නිසා යුද්ධ ඇති වුණා.සටන් සියල්ල රටට අහිතකර වුණා. රනවිරුවන්ගේ කැපවීම මත මේ රට මුදවා ගන්න හැකි වුණා. ඉන් පසු රටට සංහිදියාවක් කියන අවශ්‍යතාව ඇති වුණා. රටට ආදරය කරන අය තේරුම් ගත්තා. ජනතාව නොමඟ යවන පුද්ගලික න්‍යාය පත්‍රය ඇති අය තේරුම් ගත්තේ නෑ. ප්‍රභාකරන්ට බයේ සැගවී සිටි අයයි.
බහුතරයක් සිංහලයි. ද්‍රවිඩ ,මුස්ලිම් ජාතීන් සහෝදර ජාතීන් ලෙස ජීවත් වී තිබෙනවා. අද ලෝඅයේ නිදහස ගැන කතා කරන විට ඕන කෙනෙක් පාගාගෙන ආණ්ඩු කිරීම නොවේ නිදහස. සදාචාරමත් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව ජීවත් වෙන්න සිදු වෙනවා. සමඟියෙන් රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. ශක්තිමත් රටක් ගොඩනැඟීමේ වගකීම අපට පැවරෙනවා. අන්තවාදී ගෝත්‍රවාදී නොවී ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ යුතුයි.
අතුරු වාර්තාවේ රටේ ආරක්ෂාවට ඇති සියලු කරුණු ඇතුළත් වී තිබෙනවා. මේවා විකෘති කරලා රටේ බහුතරයක් වන සිංහල ජනතාව නොමඟ යවන්න උත්සහ කරනවා. රට බෙදිය නොහැකි, නොබෙදෙන රජ්‍යයක් බව එහි සඳහන් වී තිබෙනවා. බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලැබීම,සුරක්ෂිත කර පෝෂණය කිරීම,අනෙකුත් ආගම්වලට නිදහස ලබාදෙන බව සඳහන් වී තිබෙනවා. ආගමික සහජීවනය පිළිඹිඹු වී තිබෙනවා. පාර්ලිමේන්තුව දුර්වල වී ඇතැයි කීම ජනතාව මුලා කිරීමට ගොඩනඟන මතයක් පමණක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.