අමාත්‍යවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් තිබිය යුතුද නැද්ද කියන විවාදය දිගින් දිගටම තිබුණා. අපිට පෙනෙනවා ජනරජ ව්‍යවස්ථාව පිළිබඳවත් ගැටළු තිබුණා. 78 ව්‍යවස්ථාවටත් පාරට බැස්සා. අලුත් ජනාධිපති අපේක්ෂයින්,රටට කිව්වා ව්‍යවස්ථාව රටට සුදුසු නෑ කියලා. චන්ද්‍රිකා ජනාධිපතිනියට වෑයමක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බලතල ශක්තිමත් කළා. එතුමා එය කළත් එතුමාට පැහැදිළි වුණා ව්‍යවස්ථාවෙන් සෑම ප්‍රශ්නයක්ම විසඳිය නොහැකි බව.
දැන් යෝජනාවක් ඇවිත් තිබෙනවා. මෙය ව්‍යවස්ථාවක් නොවේ. අතුරු කමිටු යෝජනාවක් විවාදය කරන්නේ. අද මේ සමහර කොටස් මේ ක්‍රමයට විරුද්ධයි. තේරුම් ගන්න අපහසුයි. 13 සංශෝධනය ගේනකොට හර්තාල් ඇති වුණා. රට බෙදනවා කිව්වා. රට ඇත්තටම බෙදුණද? එදා ජීවිත අහිමි වුණා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ ප්‍රශ්නය විසඳන්න ඕන. වගකීමේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂයට විශාල වගකීමක් තිබෙනවා. බලය තියෙන අය ප්‍රශන විසඳන්න ඕන. රටක් බෙදන්න ඕන කියන පිරිස් ඕන රටක ඉන්නවා. මොන ව්‍යවස්ථාව තිබුණත් රට බෙදන්න ඕන කියන මිනිස්සු ඉන්නවා ඕනම සමාජයක. වචනවලට කොටුවෙලා ව්‍යවස්ථා හදන්න බෑ, වැඩි පිරිස පිළිගන්නා ව්‍යවස්ථාවක් හදන්න ඕන සිංහල බහු ජනතාව පිළිගන්නා ව්‍යවස්ථාවක් අපි හදන්න ඕන. ශ්‍රී ලංකාවට තිබෙන එකම ගමන මේ ගමනයි. නැවතත්ත් ඒ ගමන අහිමිකරගන්න යනවද?
බියක් ඇති කර තිබෙනවා රට බෙදන්න යනවා කියල. අපි කවුරුත් එකඟ නෑ මේ කුඩා රාජ්‍ය බෙදනවාට. මෙයට සැගවුණු න්‍යාය පත්‍ර නෑ. ව්‍යවස්ථා කෙටුම්පත හදනකොට විපක්ෂයේ අඳහස් එකතු කරලයි එම කෙටුම්පත හදන්නේ. ව්‍යවස්ථාව හදන්නේ ජාතික ප්‍රශ්නය විසඳන්න පමණක් නොවේ. කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථවෙන් සීමා කළ යුතු නැද්ද? මැතිවරණ දිනයන් ව්‍යවස්ථාපිත කළ යුතු නැද්ද? යැයි ද අමාත්‍යවරයා ප්‍රශ්න කරමින් අඳහස් දැක්වීය