අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිරි කිරීමේ බැංකුවේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානය ජනපති අතින්

    ජූලි 08, 2014
    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
     
    ජාතික ඉතිරිකිරීමේ බැංකුවට උපාධිධාරී අභ්‍යාසලාභීන් 190 දෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය සඳහා තාක්ෂණ සහායකයින් 348දෙනෙකුට පත්වීම් ප්‍රදානය මෙහිදී සිදුවිය. 
     
    ජනාධිපතිතුමා අතින් සංකේතාත්මක ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ඩබ්.ඒ. නාලනී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE NEW APP NSB 1
     
    HE NEW APP NSB 2
     
    HE NEW APP NSB 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya