අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකානු උප ජනාධිපති ජනපති බැහැ දකී

    ජූලි 08, 2014

    දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමෆෝසා මැතිතුමා ඊයේ (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බැහැ දුටුවේය.

     

    South African Deputy President calls on President Rajapaksa


    ඊයේ  (07) දිවයිනට පැමිණි දකුණු අපි‍්‍රකානු විශේෂ නියෝජිත සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) මහතා ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිළිගනු ලැබූයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් ද වාස් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.


    ඊයේ පස්වරුවේ කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ රමෆෝසා මහත්වරු හමුවී සාකච්ඡා කළහ.


    දකුණු අපි‍්‍රකාවේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන උප ජනාධිපති රමෆෝසා මහතා 1994 දී සුදු පාලකයින් විසින් බහු ජාතික කළු ජනතාවට බලය පැවරීම පිළිබඳ සාකච්ඡාවලදී වැදගත් මෙහෙවරක් ඉටු කර තිබේ.


    රමෆෝසා මහතා ව්‍යාපාරිකයෙකු, සමාජ කි‍්‍රයාකාරකයෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙසද ප‍්‍රකටව ඇත. 2012 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අප‍්‍රිකානු ජාතික සංගමයේ උප ජනාධිපති ලෙස පත් කර ගන්නා ලදී. ඔහු එරට ක‍්‍රම සම්පාදන සැලසුම් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩලා මහතා සිරගතව සිටි සමයේ ඔහු මුදා ගැනීමට සිදු කෙරුණු අරගලයේ ප‍්‍රමුඛයෙක් වූයේ රමෆෝසා මහතායි.


    දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා මහතා විසින් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් විශේෂ නියෝජිතයා ලෙස සිරිල් රමෆෝසා මහතා නම් කෙරුණි.


    දින දෙකක් මෙරට රැඳී සිටින ඒ මහතා ආණ්ඩුවේ නියෝජිතයින් මෙන් ම විපක්ෂනායකවරයා මුණගැසීමට ද යාපනයේ සංචාරයක් කිරීමටත් අපේක්ෂා කරයි.


    HC/pmu_Pix by: Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya