මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ සංඝාවාසය ජනපති අතින් සඟ සතු කර පූජා කෙරේ

    ජූලි 07, 2014

    රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව සංඝාවාසය අද (07) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා අතින් සඟ සතු කර පූජා කරන ලදී.


    ගාලු කෝරළයේ හිනිඳුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හා රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේ අනුශාසකත්වයෙන් මෙම නව සංඝාවාසය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ඉදිකරනු ලැබූ අතර මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක ලේකම්වරයාද සහභාගී විය.


    මෙම උත්සවයේ ආගමික වතාවත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ වැඩබලන මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපනේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. විහාරස්ථානයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නව සංඝාවාසය ඉදිකිරීම සඳහා බොහෝ දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන් විසින් අනුග්‍රහය ලබාදෙන ලදී.


    අද පෙරවරුවේ රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.


    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර දහම් මැඳුර සඝ සතු කර පූජා කළේය.


    බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේ ද බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරකද නිරත විය.


    උත්සවයට එක් ව සිටි දහම් පාසල් සිසුන් සමඟ ද සුහද කතාබහක නිරත විය.


    සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ මගපෙන්වීම මත සිවිල් ආරක්ෂක බලකාය විසින් මෙම සංඝාවාසය ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සපයා තිබේ.

    මෙම අවස්ථාව ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමි ප්‍රමූඛ අති පූජ්‍ය මහා සංඝරත්නය ද, ජාතික සම්පත් පිළිබඳ අමාත්‍ය පියසේන ගමගේ, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ලෙස්ලි රූපසිංහ යන මහත්වරුන් ඇතුළුව ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.


    HC/pmu/mod

    Samadhi Buddhist Foundations  in Kotalawalapura 1

    Samadhi Buddhist Foundations  in Kotalawalapura 2Samadhi Buddhist Foundations  in Kotalawalapura 3

    Samadhi Buddhist Foundations  in Kotalawalapura 4

    Samadhi Buddhist Foundations  in Kotalawalapura 5

    Samadhi Buddhist Foundations  in Kotalawalapura 6

    Samadhi Buddhist Foundations  in Kotalawalapura 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya