මෙම විද්‍යාලට පැමිණි ජනාධිපතිතුමා පාසල් දරුවන් විසින් උණුසුම් ලෙස පිළිගත් සංස්කෘතිකාංගකින් ද උත්සව සභාව වර්ණවත් විය.
ජනාධිපතිතුමා අතින් විද්‍යාල පරිශ්‍රයේ සදුන් පැළයක් රෝපණය කිරීම සිදුවිය.
චාරිත්‍රාණුකූලව ජනාධිපතිතුමා පිළිගනිමින්
යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව ද ජනාධිපතිතුමා හමු විය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන්ට තිළිණ ප්‍රදානය කළ ජනාධිපතිතුමා වව්නියාව දිස්ත්‍රික්කයේ ස්ථීර ඉඩම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක්විය.
නිල මෙහෙවර ජනපති ජනතා සේවය පැවති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් පැළ බෙදාදීම ද සංකේතවත් කළේය.
වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදාදීම සදහා අවශ්‍ය ජල බවුසර් දෙකක් ලබාදීමට අදාළ යතුරු ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍යවරුන්වන ගයන්ත කරුණාතිලක, එස්.බී. නාවින්න, රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. කාදර් මස්තාන්, ඒ.එම්. සුමන්තිරන්, සෙල්වම් අඩෙයික්කනාදන් යන මහත්ම මහත්මීන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් ද දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.