මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් සහ පුවත්පත්කලාවේදීන් සෑමවිටම නිවැරදි දේ තෝරා ගනිමින් සහ සත්‍යයට ගරු කරමින් සිය පෑන් තුඩ මෙහෙය විය යුතුයි

    ඔක්තෝබර් 19, 2017

    වැරදි කරන දේශපාලනඥයින් ආරක්ෂා කරමින් ඔවුන්ට ප‍්‍රශස්ති ගායනා කිරීමට පෞද්ගලික ප‍්‍රතිලාභ උදෙසා ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ නම් එය ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම වෙනුවෙන් අද (19) පෙරවරුවේ කොළඹ පුස්තකාල ප‍්‍රලේඛණ මණ්ඩලයේ පැවති උත්සවය අමතමිනි.

    කොතෙක් වැරදි කළත් වැරදි කරන අය පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමත්, කෙතරම් නිවැරදි වුවද ඇතැමුන් ඉලක්ක කර ගනිමින් පහර ගැසීමත් අද මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ දක්නට තිබෙන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    සිය පෑන හැසිරවීමේදී ජනතා අවශ්‍යතාව අනුව නිවැරදි දේ මෙන්ම ගුණාත්මක, යහපත් සහ හරවත් දේ සමාජයට ලබාදීම හෙට දවසේ උපදින මතු පරපුර වෙනුවෙන් මාධ්‍යවේදින්ට පැවරෙන මහගු වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ආදර්ශවත් චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල මහතාගේ සමාජ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලෙය් ජනසන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කරනු ලැබීය.

    ඉංගී‍්‍රසි පත‍්‍ර කලාවේදියෙකු ලෙස මාධ්‍ය කලාවට පිවිසි ධනපාල මහතා සිංහල පුවත්පත් කලාව වෙනුවෙන් අනුපමේය සේවයක් කළ, රටට දක්ෂ මාධ්‍යවේදීන් බිහිකරන්නට පුරෝගාමී වූ අයෙකි. විවිධ පාඨක පිරිස්වලට සරිලන පරිදි සිංහල පුවත්පත් කලාවේ නිම් වළලq පුළුල් කිරීමටත් පොදු මහජන මතය වෙනුවෙන් පුවත්පත්වල ඉඩකඩ ලබාදීමටත් ඔහු ගත් උත්සාහය කැපී පෙනේ.

    ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් ප‍්‍රවීණ පුවත්පත් කතුවරුන් කිහිපදෙනෙකු වෙත සහ ඩී.බී ධනපාල මහතාගේ මුණුබුරෙකු වන ආචාර්ය ධනුෂ්ක මීගහවත්ත මහතා වෙත පිළිගැන්වීය.

    ප‍්‍රවීණ මාධ්‍යවේදීන්, පුවත්පත් කතුවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ පුවත් මණ්ඩලයේ සභාපති නීතිඥ කොග්ගල වෙල්ලාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Share This Post

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya