අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී උද්ඝෝෂණයකට පහරදීමක් සිදුව නෑ - මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

    ඔක්තෝබර් 19, 2017

    සාමකාමී උද්ඝෝෂණයකයට හම්බන්තොට දී පහරදීමක් සිදුව නැති බවත් එහිදී අධිකරණ නියෝගය උල්ලංඝණය කර ඇති බවත් ජනමාධ්‍යවේදියාට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණයක් පොලිස් කොමිෂම මඟින් සිදු කරන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

     

    හම්බන්තොට උද්ඝෝෂණය සම්බන්ධයෙන් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නය යොමු කර තිබුණි.

    හම්බන්තොට උද්ඝෝෂනයේ දී කළහකාරී ලෙස හැසුරුණු අය එම ස්ථානයේ දීම අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එතැනදී මාධ්‍යවේදියෙකු ලෙස හැදින් වූ අයකු ද අත් අඩංගුවට ගෙන ඇත. විමර්ශන කටයුතු කරද්දි සැකකරුවන් පිළිබඳව තවත් විමර්ශන කර උසාවියට ඉදිරිපත් කළේ.

    මෙම සමස්ත සිදුවීමේ දී අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම, රජයේ නිලධාරීන් වන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම, සිදු කර තිබෙනවා. සාමකාමී උද්ඝෝෂණයක් මැඩලීමට රජය කටයුතු කර නැත. අටදෙනෙකුට මේ වනවිට ඇප ලබාදී ඇත. ජනමාධ්‍යවේදියාට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණයක් පොලිස් කොමිෂම මඟින් ද වෙනම පරීක්ෂණයක් සිදු කරනවා. මාධ්‍යවේදියා අත් අඩංගුවට ගෙන තිබෙන්නේ උසාවියට සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පහරදුන් නිලධාරියා වෙනත් ස්ථානයකට මාරු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya