අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට උද්ඝෝෂණ පිටුපස තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් - අමාත්‍ය මහින්ද අමරවීර

    ඔක්තෝබර් 17, 2017

    හම්බන්තොට පසුගිය දා ඇතිවූ සිදුවීම පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවන බවත් ජනතාව මුලා කර ජනතවට බොරු කරමින් උද්ඝෝෂණය කරන බවත් උද්ඝෝෂණය පිටුපස තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    හම්බන්තොට සිදුවීම පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවනවා. මේ වනවිට කිසිදු ආකාරයකට මත්තල ගුවන්තොටුපළ විකිණීමකට එකඟතාවයකට ඇවිත් නෑ.අදායම පඩි ගෙවන්නත් මදි.මෙය ප්‍රයෝජනයට ගැනීමට ආයෝජකයකු සෙවීමට කැබිනට් මණඩලය දැනුවත් කර තිබෙනවා. මෙවන් පසුබිමක ජනතාව මුලා කර ජනතවට බොරු කරමින් උද්ඝෝෂණය කළා.

    උද්ඝෝෂණය පිටුපස තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රටක්.පඹයෝ පුච්චන්නේ මගෙයි. ගුවන්සේවා ඇමැතිත් නොවේ,ආරක්ෂක ඇමැතිත් නොවෙයි. ප්‍රබල මන්ත්‍රීවරු අපට එකතුවෙනවා. ජනතාව ආකර්ෂණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා. මත්තල විවිකුණනවා, කියලා කතාවක් හදගත්තා. සිදුවීමක් ඇති කරලා මිනිහෙක් මරාගන්න හැදුවා. පහත් මට්ටමකට වැටුණු දේශපාලනයක් මගේ නෑ.

    හම්බන්තොට ජනතාවට විශ්වාසයි,මත්තල විකුණන්නේ නෑ කියලා. බංකොළොත් දේශපාලනය මොකක්ද?  හම්බන්තොට ජනතාව පිළිගන්නේ නෑ. රටේ වැරදි මතයක් හදන්න යනවා. ආයෝජන ගේන්න ඕන. කර්මාන්ත ඇති කරන්න ඕන. රටට ආයෝජන ගේන්න ඕන. දේශපාලනය වෛරයෙන් කටයුතු කරන්න අවශ්‍ය නෑ. පළිගැනීම කිසිවෙකුට වාසියක් නෑ. අපට අවශ්‍ය රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලකට දායක වීමටයි යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya