නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිඛෙන අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කරුණාරත්න පරණවිතාන, අජිත් පී. පෙරේරා, දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, නීතිපති ජයන්ත ජයසූරිය, අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.