මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 11, 2017
    ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස්  ඒජ් හෝටලයේදී පැවැත්විණි.
     
    "වෙනස්වීම් හමුවේ අභියෝගාත්මකව ජයග‍්‍රහණය සඳහා කැපවීම" යන තේමාව යටතේ මෙම වාර්ෂික සමුළුව 15 වන වරටත් ඊයේ ආරම්භ කෙරුණු අතර එය අදින් අවසන් කෙරේ.
     
    කාලීන මාතෘකා ඔස්සේ, තෝරාගත් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමට මෙම සමුළුව මගින් මං පෙත් විවර කෙරෙන අතර සිය ප‍්‍රධාන ක්ෂේත‍්‍රය වන ගිණුම්කරණය ආශ්‍රීත මාතෘකාවන්ට අමතරව නූතන තාක්ෂණයේ බලපෑම පිළිබඳව ද අවධානය යොමු කිරීම විශේෂත්වයකි.
     
    2016 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානයට පත් වූ හිඟුරක්ගොඩ නිපුණි ධනංජනී රූපසිංහ ශිෂ්‍යාව වෙත තිළිණයක් ප‍්‍රදානය කිරිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    ආයතනික අනුග‍්‍රාහකයින් වෙත සම්මාන තිළිණ ප‍්‍රදානය කිරීම ද සිදුකෙරිණි.
     
    ශ්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීය ආයතනයේ සභාපති වරලත් ගණකාධිකාරී ජේ.එම්.යූ.බී. ජයසේකර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.
     
    නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    මේ අතර විද්‍යා තාක්ෂණ හා පර්යේෂන අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්ති හා සැලසුම්  පිළිබ`ද විශේෂ විද්වත් කථිකාවක් ඊයේ (10* බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාට ද ජනාධිපතිතුමා එක් විය.
     
    එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ ඉදිරි ආර්ථික මෙන්ම සංවර්ධන සැලසුම්වලදී විද්වතුන්ගේ දායකත්වය ඉතා වැදගත් බවත්, රටේ ඉදිරිගමන සුබදායී කර ගැනීම වෙනුවෙන් තම හ`ඩ අවදි කිරීමට රටේ සියලූ විද්වතුන්ට කාලය පැමිණ ඇති බවත්ය.
     
    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් සහ විද්වත් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya