Asian Forum of Parliament on population and development 12th General Assembly summit of SLFPPD කමිටු සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් කතානායකවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැමදෙනාටම ස්තූතිවන්ත වෙනවා. පසුගිය දා පැවැත්වූ 12 වැනි සමුළුව සාර්ථක ආකාරයෙන් නිමා කළා. එහිදී බොහෝ දේ සාකච්ඡා කිරීමට හැකි වුණා.ඉහළ යන ජනගහන ගැටළු සඳහා මූල්‍ය සහාය ලබාගැනීම වැදගත්. අයවැයෙ දීත් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.තිරසර සංවර්ධනයට වගකිව යුතු කාර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා. වසර 2030 වනවිට සාක්ෂාත් කරගත යුතු තිරසර ඉලක්ක පවතිනවා. ඒ සඳහා සැළසුම් සකස් කරමින් පවතිනවා.
කිසිදු පුද්ගලයකු අත් නොහැර මෙම කටයුතු සිදු කෙරෙනවා. එයයි ප්‍රතිපත්තිය වන්නේ. කාන්තාවන් හා තරුණයන් වැදගත් ප්‍රබල කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ජනගහනය සහ සංවර්ධනය බොහොත තදින් බැදී තිබෙනවා.තිරසර සංවර්ධනයේ දී සෞඛ්‍ය, අධ්‍යාපනය, කුසලතා වර්ධනය මඟින් ජනතාව නිරෝගිමත් හා ශක්තිමත් කළ යුතුයි. සෑම කෙනාටම සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම,ඔවුන් ශක්තිමත්ව ගොඩනැගීම හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා යැයි ද කතානායකවරයා පැවසී ය.
මේ අවස්ථාවේ දී අඳහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා; ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තිරසර සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් ඉදිරි පියවර රැසක් ගෙන තිබෙන බව කීය.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු ඇතුළුව විදෙස් රටවල් රැසක් නියෝජනය කරන කතානායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන්, තනාපතිවරුන්, විදෙස් නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.