ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු සැලසුම් කිරීම වෙනුවෙන් මෙවර විධායක කමිටුව ශ්‍රී ලංකාවේදී රැස්විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව ලබන 12 සිට සිට 16 දින දක්වා ශ්‍රී ලංකාවේ රඳවා තැබෙන අතර එම ගිනි සිළුව මෙම මස 12දා ජනාධිපතිතුමාට භාරදීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීම සඳහා මෙම නියෝජිත පිරිස ජනාධිපතිතුමා හමුවූහ.
මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති Louise Livingstone MARTIN, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආයතනවල ඒකාබද්ධ සංගමයේ ආසියානු කලාපය සඳහා වූ උප සභාපති හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.