නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත්‍රා ධර්ම දේශනය ශ්‍රවණයට ජනපති එක්වෙයි

    ඔක්තෝබර් 06, 2017
    සෑම පුන්පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 30 වැනි දම් සභා මණ්ඩපය වප්  පුරපසළොස්වක පොහෝ දිනය යෙදී ඇති ඊයේ (05) දිනයේ ගම්පහ පහළගම විද්‍යාරවීන්ද්‍ර පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
     
    කොළඹ  විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද  ස්වාමින්වහන්සේ ධර්ම දේශකයාණන්වහන්සේ විය.
     
    විහාරස්ථානය වෙත පැමිණ මල් පහන් පූජා කොට ධර්ම ශ්‍රවණයට එක්වූ ජනාධිපතිතුමා, ධර්මදේශකයාණන් වහන්සේ  වෙත අටපිරිකර පූජාකොට ආශීර්වාද ලබාගත්තේය. 
     
    විහාරාධිපති පූජ්‍ය පහළගම සෝමරතන නායක ස්ථවිරයන්වහන්සේ ද බැහැදැක ආශීර්වාද ලබාගත් ජනාධිපතිතුමා විහාරස්ථානයේ නව සූර්ය විදුලිබල පද්ධතිය විවෘතකිරීමට ද එක්විය.
     
    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය අර්ජුණ රණතුංග, රාජ්‍ය අමාත්‍ය රුවන්  විජේවර්ධන,  බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ධර්මශ්‍රවණයට එක්විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya