පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අමතමින් අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වෙලා දසක හතක් මුළුල්ලේ රටක් ලෙස මහජනතාවගේ විශ්වාසය පලකරන ස්වර්ණමය අවස්ථාව මෙයයි. මේ කලාපයේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ වැඩිමලා ලෙස සමරන්නේ මහත් අභිමානයෙන් යුතුවයි.
සුබසාධන රාජ්‍යයක් ලෙස පාර්ලිමේන්තුවෙන් ලැබුණු දායකත්වය අතිවිශිෂ්ඨයි. උත්තරීතර සභාව අපේ මැති ඇමැතිවරුන්ගෙන් ලැබුණු දායකත්වය කෘතවේදීව සිහිපත් කරනවා. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ ඓතිහාසික අවස්ථාවක ගරු කතානායකවරුන් සම්බන්ධ වීමත් සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගෞර්ව කෘතවේදීත්වය පුදකරන බවද අමාත්‍යවරයා පැවසී ය.