පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ඊයේ(2) කතානායකවරයා මෙසේ සඳහන් කළේ ය.
තවදුරටත් අඳහස් දැක්වූ කතානායකවරයා,
මෙම සැසිවාරයෑඉ දී අග්‍රාමාත්‍යතුමා සහ විපක්ෂනායකතුමා එක්ව ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් අනුව විවාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි ස්වර්වජන ඡන්දයෙන් තේරීපත්වන පැරනිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවයි.ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවටත් ශ්‍රී ලාංකික ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්,ප්‍රතිපත්තීන් සහ නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කරමින් සමෘද්ධිය සෞභාග්‍යය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.
මේ අවස්ථවට ආශිර්වාද කරමින්, ඉන්දියාව, බංග්ලදේශය, භූතානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින හා නේපාලය නියෝජනය කරමින් කතනායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන් හා විශේෂ නියෝජිතයින් පැමිණෙනවා. සාක් කලාපීය කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය බිහි කිරීම සඳහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් සිදු කොට තිබෙනවා.කලාපීය දේශපාලන නායකයින් වශයෙන් කතානයකවරුන්ගේ පැමිණීම අප රටට දක්වන ලෙන්ගතුකමක් හා ආශිර්වාදයක් වෙනවා.
වර්තමාන පාර්ලිමේන්තුවට හෙටින් පසු විශාල වගකීමක් හා යුතුකමක් පවතිනවා. ඉදිරි අනාගතයේ දී ඊළඟ පරපුර,නූපන් පරපුර වෙත යුක්තිගරුක,නීතිගරුක, සුදුස්සාට සුදුසු තැන ලබෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කිරීමට අප සියලු දෙනා කැපවිය යුතු බවත් ඒ සඳහා ජාතික,ආගමික හා දේශපාලනික සමඟිය ඇතිවිය යුතුයි.දේශයේ උන්නතිය වෙනුවෙන් අප අත්වැල් බැඳගත යුතුයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මෙරට උත්තරීතර ස්ථානයයි. එම ගරුත්වය රැක ගැනීමට අප පියවර ගත යුතුයි.
වසර 70ක කාලසීමාව තුළ ආරම්භක කතානායකවරය වන ප්‍රැන්සිස් මොලමුරේ මැතිතුමාගේ සිට වර්තමානය දක්වා පදවි හෙබ වූ කතානායකවරුන්,නියෝජ්‍ය කතානායකවරුන් ඇතුළු සියලු නිල දරුවන් මා ගෞර්වයෙන් සිහිපත් කරනවා යැයි ද කතානායකවරයා පැවසි ය