නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන "ගුන්මා" දිස්ත්‍රික්කයෙන් විපතට පත්වූවන්ට මූල්‍යාධාර

    ඔක්තෝබර් 02, 2017
     
    ජපාන "ගුන්මා" දිස්ත්‍රික්කයේ, "මයෙබෂී" නගරයේ නගරාධිපති රීයු යමමෝතෝ (RYU YAMAMOTO) මහතා පසුගිය දා ඇති වූ ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්  මූල්‍යාධාර ප්‍රදානය කිරීම අද (02) සිදු විණි. 
     
    මෙම මුදල් ප්‍රදානය කිරීම සිදු වූයේ ඒ මහතා සහ මහත්මිය වන මියැ යමමෝතෝ (MIE YAMAMOTO) මහත්මිය අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ය.
     
    පසුගිය දා ඇති වූ ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්  මූල්‍යාධාර පිරිනැමූ රීයු යමමොතෝ මහතා සහ එම මහත්මිය, මීට ඉහතදී ද ශ්‍රී ලංකා රජය වෙත ගිනි නිවීමේ රථ දෙකක් ලබාදීමට පියවර ගෙන තිබිණ. 
     
    ඉදිරියේදී ද ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමට කටයුතු කරන බව යමමොතෝ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 
     
    ගුන්මා දිස්ත්‍රික්යේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලෙස්ලි වර්නන් මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම හමුවට නුගේගොඩ, නාලාන්දාරාමාධිපති සහ මහබෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම් තිනියාවල පාලිත හිමියෝ ද සහභාගි වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya