නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

    සැප්තැම්බර් 26, 2017
    කළුතර, බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ්‍රයේ දී සංවිධානයකොට ඇති කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (25) විවෘත කෙරිණි.
     
    ''සරු දිවියට - කෘෂි සවියක්'' යන්න තේමා කර ගනිමින් වගා සංග්‍රාම ජාතික වැඩසටහන යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙන ප්‍රදර්ශනය ලබන 27දා දක්වා පැවැත්වේ. 
     
    කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර  රුපියල් මිලියන 46 ක වියදමින් ඉදි කළ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. 
     
    උත්සව අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා  ආයතන ගෙවත්තේ කොස් පැළයක්ද සිටවූවේය.
     
    අමාත්‍ය මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya